Spicy Soya meat devilled
මන් නම් කන්න කැමතිම කෑමක් සෝයාමීට් කියන්නේ. හුගක් වෙලාවට අපිට අරගන්න තියෙන්නේ ඉන්ඩියන් කඩ වල තියෙන සෝයා මීට් පැකට් එක...ඒවල රසකාරක පැකට්ටුවක් නෑ සාමාන්යයෙන් අපේ රටේ ගන්න තියෙනවා වගේ...... මන් කොහොමත් දැන් ටික කාලෙක ඉදන් රසකාරක පැකට් එක පාවිච්චියට ගන්නේ නැති නිසා ඉන්ඩියන් කඩේ තියෙන නිකන් සෝයා පැකට්ස් අරගන්නේ.... ඉතින් සාමාන්යයෙන් නන් සෝයා මීට් උයන්නේ මස් උයනවා වගෙයිනේ නේද .... ඉතින් ඉදලා හිටලා පොඩි වෙනසක් කරන්න පුලුවන් අපිට එලවලු එහෙම අඩුපාඩු තියෙන වෙලාවට.....මට එලවලු හිගයි මේ දවස්වල lockdown එක නිසා.
එහෙනම් මන් කරපු විදිහ කියන්නද ලමයි කැමති කෙනෙකුට අත් හදා බලන්නත් එක්ක.
🌿🌸 සෝයාමීට් ඩෙවල් 🌸🌿
සෝයාමීට් 1 pkt
සුදු විනාකිරි 2 tsp
ඉගුරු සුදුලූනු පේස්ට් 2 tbs
කරදමුංගු කරාබුනැටි 2 බැගින්
ලොකු ලූනූ ගෙඩි 1
අමුමිරිස් කරල් 4
තක්කාලි ගෙඩි 1/2
කරපිංච කොල කිහිපයක්
මාළු මිරිස් කරලක් හෝ බෙල්පෙපර් ගෙඩියක්
කෝන් පිටි 1/2 cup
මිරිස් කුඩු 1 tbs
ගම්මිරිස් කුඩු 1 tsp
කහ කුඩු 1/2 tsp
ලුනු අවශ්ය පමන
චිලි පේස්ට් 1 tbs
සෝයා සෝස් 1 tbs
තක්කාලි සෝස් 2 tbs
බැදගැනීමට තෙල් + 1 tbs ( තෙම්පරාදුවට)
පලමුවෙන් සෝයාමීට් උතුරන වතුරට පෙගෙන්නට දමා විනාඩි කිහිපයක් තබන්න.
දැන් වතුර පෙරා ලුනු ස්වල්පයක සමග සීසන් කර පසෙකින් තිබෙන්නට හරින්න.
දැන් සෝයා මීට් කෝන් පිටි වල තවරමින් ගැඹුරු තෙලේ බැදගන්න .
දැන් සුදුසු භාජනයක් හෝ වොක් එකක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා එයට ඉගුරු සුදුලූනු පේස්ට් , කරදමුංගු කරාබුනැටි , කරපිංච , ලූනු අමුමිරිස් සහ තක්කාලි දමා දිගටම විනාඩි 3 ක පමන වේලාවක් කලවම් කරගන්න.
දැන් මෙයට ගම්මිරිස් කුඩු , මිරිස් කුඩු , කහ කුඩු , චිලි පේස්ට් සහ ලුනු ස්වල්පයක් එකතුකර විනාඩියක පමන වේලාවක් පිසගන්න ගන්න. විනාකිරි ස්වල්පයද එකතු කර හොදින් කලවම් කරගන්න.
දැන් බැදගත් සෝයාමීට් මෙයට එකතුකර විනාඩි 5 ක පමන වේලාවක් හොදින් කලවම් කරගන්න.
දැන් මාළු මිරිස් හෝ බෙල්පෙපර් එකතුකර ගන්න. සෝයා සෝස් සහ තක්කාලි සෝස්ද එකතු කර හොදින් කලවම් කරමින් විනාඩි කිහිපයක් පිසගෙන ලිප නිවා ගන්න.
කැමති නම් ලූනූ කොලයක් කුඩාවට ලියාගෙන සහ සෙසිමි ඇට ස්වල්පයක් උඩින් ඉස පිලිගන්වන්න.
🌿🌸 Spicy Soya meat devilled🌸🌿
Soyameat 1 pkt
White vinegar 2 tss
Ginger garlic paste 2tbs
Cardamom , cloves 2 each
Onion big 1
Green chili 4
Tomato 1/2
Capsicum or Bell pepper
Few Curry leaves
Corn flour 1/2 cup
(Coated for beef)
(Coated for beef)
Pepper powder 1 tsp
Chilli powder 1 tbs
Turmeric powder 1/2 tsp
Salt to taste
Chilli paste 1 tbs
Soya sauce 1 tbs
Tomato sauce 2 tbs
Oil for deep frying + 1 tbs for tempering
Firstly soak the soya meat in the boiling hot water for a few minutes then drain the water and season it with salt.
Now coat the soyameat with corn flour and deep fry them.
Now use a necessary pan or wok to heat the oil and then add ginger garlic paste , cardamom , cloves , curry leaves , onions ,green chilies & tomatoes and cook for about 3 minutes in a low flame while stirring continuely.
Now add pepper powder , chili powder , turmeric powder , chili paste & little salt to the above mixture and cook it for about one minute. Now add white vinegar and give it a mix.
Now add the fried soyameat to the mixture and cook for about 5 minutes while stirring continuely.
Now add capsicum or bell peppers. And also add soy sauce and tomato sauce and mix it well until it combines well and cook for about a few minutes and switch off the stove.
Preferably you can garnish the soyameat dish with chopped spring onions leaf and 1 or 2 tsps of sesame seeds.
Comments
Post a Comment