Hi ළමායි...අලුත් අවුරුද්දේ මං ඔයාලට ගෙනාව කප් කේක්...නෑ නෑ මේවා ඇත්තටම ගොඩාක් soft ගතියෙන් තියෙන #spong_cake.මට ආස නිසා මං cup වල දාල බේක් කරේ...බේකින් පවුඩර් යීස්ට් එහෙම මේකට ඕනි නෑ .මේක egg white වලින් තමයි ඉතින් පිපෙන්නෙ☺️☺️ මං ගත්තෙනම් මට ලඟ තිබු ප්රමාණයන්ගෙන් .මං රෙසිපියට දාන්නම් නිවැරැදි අවශ්ය ප්රමාණයන්
අවශ්ය දේවල්:-
♥️ පිටි 100g
♥️සීනි 150g(බ්ලෙන්ඩ් කරගත්තොත් ලේසි)
♥බිත්තර සුදු මද 5
♥️බිත්තර කහ මද 5
♥️වැනිල තේ හැඳි 1 1/2
♥️ලුණු කුඩු තේ හැඳි 1/4
♥️දියර කිරි මේස හැඳි 4
(කිරි පිටි දියකරගෙන හෝ ෆ්රෙෂ් මිල්ක් ගත හැක.
♥️ඇස්ට්රා මේස හැඳි 3
(ඇස්ට්රා නැත්නම් පිරිසිදු පොල් තෙල් ගන්න)
♥️ක්රීම් ඔෆ් ටාට(ර්) තේ හැඳි 3/4
(ක්රීම් ඔෆ් ටාට හොයාගන්න නැත්නම් දෙහි යුෂ හෝ විනාකිරි යොදාගත හැක.
♥️ පිටි 100g
♥️සීනි 150g(බ්ලෙන්ඩ් කරගත්තොත් ලේසි)
♥බිත්තර සුදු මද 5
♥️බිත්තර කහ මද 5
♥️වැනිල තේ හැඳි 1 1/2
♥️ලුණු කුඩු තේ හැඳි 1/4
♥️දියර කිරි මේස හැඳි 4
(කිරි පිටි දියකරගෙන හෝ ෆ්රෙෂ් මිල්ක් ගත හැක.
♥️ඇස්ට්රා මේස හැඳි 3
(ඇස්ට්රා නැත්නම් පිරිසිදු පොල් තෙල් ගන්න)
♥️ක්රීම් ඔෆ් ටාට(ර්) තේ හැඳි 3/4
(ක්රීම් ඔෆ් ටාට හොයාගන්න නැත්නම් දෙහි යුෂ හෝ විනාකිරි යොදාගත හැක.
😘😘 මුලින් කිරි සහ ඇස්ට්රා එකට දමා උණුකරගන්න.(තෙල් ගන්නවනම් උණුකරන්න අවශ්ය නෑ )
😘😘පසුව එයට සීනි 150 g වලින් 50g පමණ ගෙන දමා හොඳින් බීට් කරන්න .එයට වැනිල සහ ලුණු එකතු කර බීට් කරන්න..
😘😘 පසුව හලා ගත් පිටි තුන් සැරයකට වගේ එක් කරන්න.බීට් කරන්න.. ..butter cake වල වගේ මෙය පෙරලන්න අවශ්ය නෑ ..මෙය දියාරු ගතියක් තියෙන්න ඕනි.
😘😘පසුව බිත්තර සුදු මද බීට් කරන්න .ටිකක් බීට් කරල ක්රීම් ඔෆ් ටාට එකතු කර බීට් කරන්න ..පසුව ටික ටික සීනි දමා ඉතුරු සීනි සියල්ල දමා හොඳින් හිම කන්දක් වෙන ආකාරයෙන් බීට් කරන්න .පහත පිංතූරයෙ ඒ ආකාරයෙන් දැක්වේ..(අනිවාර්යයෙන් සුදු මද බීට් කරද්දි බීටරයෙ පිරිසිදු කරගෙන තෙත් ගතියක් නැතුව තිබිය යුතුයි..වතුර මිශ්ර කරන්න එපා පොඩ්ඩක්වත්)
😘😘පසුව කහමද මිශ්රණයට සුදු මද මිශ්රණය පොඩ්ඩක් දමා හොඳින් මිශ්ර කරන්න .බීට් කරන්න එපා..ඉන්පසුව ඉතුරු සුදු මද මිශ්රණය දමා හොඳින් පෙරලන්න.බේකින් පවුඩර් නොදා egg white වලින් පිපෙන නිසා පරිස්සමෙන් ස්පැචුලා එකකින් වගේ පෙරලන්න .මේ මිශ්රණය ඝණ මිශ්රණයක් නොවිය යුතුය..
😘😘පසුව ඔබ යොදාගන්නා තැටියට පාච්මන්ට් පේපර් එකක් දමා මිශ්රණය දමා 150c' ක උෂ්ණත්වයකින් විනාඩි 35 -40 ක් බේක් කරන්න .මෙය ඔබේ අවන් එකෙන් අවන් එකට වෙනස් විය හැක.ඒ ගැන සැලකිලිමත් වෙන්න..මෙය බිත්තර වලින් පිපෙන කේක් එකක් නිසා පාච්මන්ට් කොල cup cake කොල වල එහෙම ටිකක් ඇලෙන ගතිය වැඩියි.
Comments
Post a Comment