ආප්ප හදමු

අවශ්ය දෙවල්:
හාල් පිටි කෝප්ප 2ක්
පොල් කිරි කෝප්ප 2ක්
සීනි මේස හැදි 1ක්
ආප්ප සෝඩා ස්වල්පයක්
රස අනුව ලුණු
පොල් වතුර 200ml
පොල් තෙල් ස්වල්පයක්
සාදන ආකාරය:
භාජනයක් ගෙන එයට සහල් පිටි,ආප්ප සෝඩා ,ලුණු,සීනි එකර කවලම් කර එයට පොල් වතුර හා පොල් කිරි කෝප්පයක් එකතු කර කවලම් කර මිශ්රණය එක රාත්රියක් තබා පසුව දා අනිත් පොල් කිරි කෝප්පය මිශ්රකරන්න(මිශ්රණයට පොල් කිරි එකතු කරන විට එකපාරම නොදමන්න ටිකෙන් ටික දාමා කැටි නොගැසෙන මිශ්රණය සාදා ගන්න .පසුව ආප්ප සැදිමට සෑදීමට සුදුසු සුදුසු භාජනයක් ලිප මත තබා එහි තෙල් තවරා පදමට සාදාගත් මිශ්රණය අවශ්ය ප්රමාණයට දමා
ආප්ප හදා ගන්න.(ආප්ප හොඳින් තැම්බීමට නම් විනාඩි 4 පමණ කාලයක් පියනෙන් වසා තබන්න.ලිපේ උෂ්ණත්වය අනුව වෙලා වෙනස් විය හැක අඩු ගින්දරේ සාදාගන්න)
තවද මෙම මිශ්රණය තමන්ට කැමති පරිදි වෙනස් කර ගත හැක

Comments