අමුද්‍රව්‍ය 3කින් රසම රස පුඩිමක් හදාගමුද

අවශ්ය ද්රව්ය :                                               
#බිත්තර 05
#ෆ්‍රෙශ් මිල්ක් 375ml
#සීනි 150g
ලුනු පිංචක්
වැනිලා බිංදු කීපයක්
වතුර ස්වල්පයක්
සාදන ක්රමය :
පලමුවෙන්ම සීනි වලින් 50ක් සහ වතුර ස්වල්පයක් ලිප තබා කැරමල් කරගෙන එය පුඩිම දමාගන්න බදුනට දමා අඩියෙහි හොදින් කරකවා නිවෙන්නට හරින්න.
ඉන්පසු බ්ලෙන්ඩර් ජා එක ගෙන එයට බිත්තර ටික කඩා දමා හොදින් බ්ලෙන්ඩර් කරන්න.(මි.3/4ක් වගේ) ඉන්පසු එයට ඉතිරි සීනි ටික සහ වැනිලා බිංදු කිහිපය දමා නැවතත් බ්ලෙන්ඩර් කරන්න.(සීනි රස මදිනම් තව ටිකක් දාගන්න හොදේ)
ඉන්පසු එයටම ෆ්රෙශ් මිල්ක් ටික දමා නැවත හොදින් බ්ලෙන්ඩර් කරගන්න.
එම මිශ්රනය අර කැරමල් කල බදුනට දමා ෆොයිල් කොලයකින් හෝ පියනකින් හොදින් වසා තදකර (නැත්තම් ස්ටීම් වෙද්දී ජලවාෂ්ප පුඩිමට වැටෙයි ඒකයි) මිනිත්තු 30/40ක් වගේ හොදින් ස්ටීම් කර ගන්න.
ඉනපසු ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර පැය දෙක තුනක් වගේ ෆ්රිජ් එකේ පහල කොටසෙ කූල් වෙන්න තියල පරිස්සමින් සුදුසු පිගානක් තබා අනික් පැත්ත හරවන්න.(ඒක ගොඩාක් පරිස්සමින් කරන්න හොදේ)
ඊට පස්සෙ රසට කන්න ඉතිං 

Comments